හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ කිසිදු තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැතැයිද ඔහු පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපතිට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
එම සඳහන නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටුවන බවද කී ඔහු උසාවියකින් වරදකරුවකු වන තුරු කිසිදු අයෙකු වරදකරු නොවන බවද කියා සිටියේය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ හිටපු ජනාධිපතිවරයා නොවන බවත් මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ සැබෑ වරදකරුවන් යටපත් වන බව ද පැවසූ ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟමින් සිටින අවස්ථාවක මෙවැනි පහර දීම් සාමාන්‍ය බවද පැවසීය.