Ada-Derana-1140-X-60-S 1200 add-02

අජිත් රෝහණ මාධ්‍යයට ඇවිත් කියන්නේ බොරු…! මේ රටේ පොලිසිය නිරූපිකාවන්ටත් බයයි…! මට දැන් මරණ තර්ජන…! – චමුදිත…

281
11453136468821839297
add-01

අජිත් රෝහණ සලකුණ වැඩසටහනට පැමිණ බොරු පවසා පොලිසිය ශුද්ධ කර යන තුරු තමන්ට බලා සිටි නොහැකි බව චමුදිත සමරවික්‍රම පවසයි.

මේ වන විට අජිත් රෝහණ සහ දේශබන්දු තෙන්නකෝන් අතර ඊළඟ පොලිස්පති ධූරය සඳහා තරඟයක් ඇති බවත් ඔහු හෙළි කරයි.

මේ රටේ පොලිසිය මනාලියන්ට ඇඳුම් අන්දන අයට පමණක් නොව නිරූපිකාවන්ටත් බය බව ද චමුදිත සඳහන් කරයි.

තමා මාධ්‍ය ලෝකයට ආවේ රනිල් වික්‍රමසිංහගේ සහෝදරයාගේ TNL නාළිකාව ඔස්සේ බවත් එහෙයින් පසුගිය ආණ්ඩුවලට කඩේ ගියා යැයි චෝදනා කිරීම නිවැරදි බවත් ඔහු කියයි. තමා සර්ව නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙස සැලකිය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.

තමා දැන් සිටින්නේ බරපතළ ජීවිත අවදානමක බවත් නුදුරේ දී මරා දැමීමට වුව ඉඩ ඇති බවත් චමුදිත අනාවරණය කරයි.

පොළොන්නරුවේ කුප්‍රකට ජාවාරම්කරුවන් දෙදෙනෙකු සහ තවත් ජාවාරම්කරුවෙකු තමා පසුපස පන්නන බවත් ඔහු හෙළි කරයි. එක් පුද්ගලයෙකු තමාගේ අත් පා රැගෙන යාමට ඔහුගේ කොල්ලන් සූදානම් බව තව අයකු සමඟ පවසා ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.