Ada-Derana-1140-X-60-S 1200 add-02

අඩුම ලංසුව ඉදිරිපත් කල දේශීය කොන්ත්‍රාත් සමාගමට රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම…

79
11453136468821839297
add-01

සබරගමුව පළාත, බස්නාහිර හා දකුණු පළාත සමග සම්බන්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කොළඹ – රත්නපුර නගර එක්කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිරිනැමීම (Awarding of contracts) බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී 22 වන දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් සංදේශය මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එම සංදේශය සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

මෙහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි.මි 24.3 ක කොටස පැකේජ හතරකට බෙදා ඉදිකිරීමට නියමිතය. මෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට යෝජනා වූ අතර මෙම මාර්ගය ඉදිකිරීම සඳහා Local Competitive Bidding යටතේ කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබිණි. තවත් කැබිනට් සංදේශයක් මෙම කොන්ත්‍රාත් සමාගම් තෝරා ගැනීම සදහා ඉදිරිපත් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීම සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කල දේශීය සමාගමට කැබිනට් අනුමැතිය ලැබිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන්කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත්වෙන ජනතාවට ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ලබා දීම අප රජයේ මාර්ග පිළිබඳ වගකීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.

එම නිසා කඩිනමින් නියමිත දිනට ප්‍රමිතියෙන් යුතුව මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස මෙහි දී ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.

රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ආරම්භ වී පැල්මඩුල්ල නගරය දක්වා කි. මි 73.9 පුරා විහිදේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය