Ada-Derana-1140-X-60-S 1200 add-02

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සතු බලතල මොනවා ද ?

245
11453136468821839297
add-01

සාමාන්‍ය ජන ජිවිතය යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු සෙසු පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා පත්විය.

එම නිලධාරියා සතු බලතල සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මෙලෙස පැහැදිලි කළේය.

“අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්තුමාගේ අධීක්ෂණය යටතේ බලයලත් නිලධාරීන්ට දැන් බලතල ලැබෙනවා.. සෑම ස්ථානයකම සඟවා තැබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවා නම්, වැඩි මිලට විකුණනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා. ඒවා රජය යටතට ගත්තාම රජයේ මිල ඒකකයට අනුව ඒවා විකිණීම, බෙදාහැරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව රේගු නිලධාරීන් විසින් යම් යම් නියමයන්ට අනුව කටයුතු කරලා තියෙනවා නම් ඒ මිල නියමයන්ට අනුව කටයුතු කිරීමටත් මේ අනුව හැකියාව ලැබෙනවා. මීට දින කිහිපයකට ප්‍රථම වැටලීම් කරලා මුද්‍රා තැබුණු ගබඩාවලටත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඒ ස්ථානවලට ඇතුළු වෙලා කටයුතු කිරීමේ හැකියාවත් ලැබෙනවා. මේ ගැසට් පත්‍රය කරපු ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට හැකිවන්නේ දින 14ක කාලයකට මුල් වෙලාවේදි. ඒ සම්බන්ධව මාසයක් මේ නීතිය පවත්වන්න හැකියාව ලැබෙනවා. එතකොට දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුව මේක අනුමත කළාම මාසයක කාලයකට ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතාම වැදගත් දේ තමයි මෙවැනි අවස්ථාවක මහෙස්ත්‍රාත් අධිකරණයක හෝ ඒ සමානම වෙනත් අධිකරණයක හෝ ඊට ඉහළ අධිකරණවල මේ කරනු ලබන ක්‍රියාව අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නෑ.”