Ada-Derana-1140-X-60-S 1200 add-02

අත් පා ගැටගැසූ කාන්තාවක් මහමග දමා ගිහින්

421
11453136468821839297
add-01

අත් පා ගැටගැසූ කාන්තාවක් පාළු මාර්ගයක් අසල දමාගොස් තිබූ සිද්ධියක් අම්පාරෙන් වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදී ඇයව එලෙස දමා ගොස් ඇති බවය.

රිමාලි ප්‍රනාන්දු නම් 31 හැවිරිදි ඇයව පසුගිය අගෝස්තු 28 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් මුහුණට මිරිස්කුඩු ගසා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.