කියුබාව, මෙක්සිකෝ බොක්ක අවට කලාපයට සහ ඇමෙරිකානු රාජ්‍යයන් කිහිපයකට බලපෑම් එල්ල කරන අයිඩා සුළි කුණාටුව හෙට වනවිට තවත් ප්‍රචණ්ඩ වනු ඇතැ යි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ලුසියානා ප්‍රාන්තයේ – නිව් ඕර්ලියන්ස් නගරයේ නගරාධිපතිවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ, හැකි ඉක්මනින් නිවෙස්වලින් ඉවත් වන ලෙසට යි.
සුළි කුණාටුවෙන් එම නගරයට විශාල හානියක් සිදුවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
සුළි කුණාටුව තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් කියුබාවට ආපදා තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හෙට දිනය වන විට අයිඩා සුළි කුණාටුව තවත් ප්‍රචණ්ඩ වනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.