බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට්හි අග්‍රාමාත්‍ය හමීඩ් බකයොකෝ මියගොස් තිබෙනවා.
පිළිකා රෝගයක් හේතුවෙන් ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මියයන විට ඔහු 56 වන වියේ පසුවුණා.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඔහු අයිවරිකෝස්ට්හි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.