Ada-Derana-1140-X-60-S 1200 add-02

අර්ජුන මහේන්ද‍්‍රන් ලංකාවට ගේනවා..

82
11453136468821839297
add-01

විපක්ෂය විවිධ නාටක රග දැක්වුවද ආණ්ඩුවේ ගමන් මග නතර කළ නොහැකි බවත් රටේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව සදහන් කලේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ආසනයේ හල්පේ දිඹුල්ගස්තැන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

අපිට මතකයි ගානියා බැරිස්ටර් නාටකය,ඒ වගේම පසුගියදා මාධ්‍යවේදීයකු පැහැර ගෙන යාමේ නාටකය. දේවානී නාටකය මේ සියලු දේ සිදු කරමින් සමාජයේ අසත්‍ය පැතිරවීමට විපක්ෂය උත්සහ කළද එම අසත්‍ය පරාජයට පත්ව තිබෙනවා. මෙමගින් පෙන්නුම් කරන්නේ විපක්ෂයේ බංකොලොත්භාවයයි. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ රටේ සංවර්ධනයත්, ජන ජීවිතයත් අවුල් කර ඉන් දේශපාලන වාසි ලබා ගැනීමයි.

මහ බැංකු බැදුම්කර වංචාව වගේම පාස්කු ප්‍රහාරය වුනේ යහපාලන කාලේ. එහෙම වුන එකේ එයාලා අහනවා මහ මොළ කාරයා ඇල්ලුවද කියලා. අපි දැන් එක එක්කනා අල්ලගෙන යනවා. මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා ලැබ සිටින අරජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය මෙන්ම බැදුම්කර වංචාවට සම්බන්ධ වූ සියලු දෙනාට රටේ පවතින නීතිය අනුව දඩුවම් ලබා දීමට කටයතු කරනවා.

මධ්‍යම අධිවේගයේ කෘඩියා සිලනිකා ගහ අපි වෙන තැනක සිටුවීමට කටයුතු කරනවා. ඒ ගස එම ස්ථානයේ තියලා මධ්‍යම අධිවේගය වෙනස් කරලා හදන්න යන ලක්ෂ 88,000 ක මහජන මුදල් නාස්තිවෙන්න දෙන්න බැහැ. ඒ වගේම මේ ගස නිසා මධ්‍යම අධිවේගය හදන එක තව අවුරුදු තුනක් ආපස්සට දාන්නත් බැහැ. මේ නිසා සුදුසුම දේ ගහ ආරක්ෂා කරගෙන වෙන තැනක සිටුවන එකයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන්නේ පරිසරය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදු කරන්න. අපි සෑම සංවර්ධනයකදීම ගස් සිටුවන්න කටයුතු කරනවා. අපේ අමාත්‍යාංශය විසින් මග දෙපස තුරු සෙවන ඇති කරලීමට පැල මිලියන 2 ක් සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.