Ada-Derana-1140-X-60-S 1200 add-02

අවම වැටුප ගැන කම්කරු කොමසාරිස්ගෙන් හාම්පුතුන්ට දැනුම් දීමක්

275
11453136468821839297
add-01

2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ‌ජතික අවම වේතනය සම්බන්ධයෙන් 2021 අගෝස්තු 20 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි. ‌

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර වැටුප ගණනය කළ යුතු බවයි.

මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වේ.

මීට අදාළ නිවේදනය පහතින් දැක්වේ.