මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සුකී නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් සහ රත්‍රං ලබාගෙන ඇති බවට එරට හමුදා පාලනය විසින් චෝදනා කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි පළමුවනදා සිදුවූ කුමන්ත්‍රණයෙන් පසු අවුන්සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායකයින් අත්අඩංගුවට ගනු ලැබුව ද, සුකීට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත් එම චෝදනාවට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මියන්මාර හමුදා පාලනය මේ දක්වා සමත්ව නැහැ.