Ada-Derana-1140-X-60-S 1200 add-02

ආණ්ඩුවට එරෙහිව මුළු රට ම පාරට බස්සන්න අපට පුළුවන්…! නමුත් කොවිඩ්වලින් දේශපාලන වාසි ගන්න අපි සූදානම් නෑ…! – තිස්ස…

198
11453136468821839297
add-01

ආණ්ඩුවට එරෙහිව ඕනෑ ම අවස්ථාවක මහ පාරට බැසීමට තමන්ට හැකි බව සමගි ජන බලවේගය පවසයි.

එහෙත් වර්තමාන වසංගත තත්ත්වයෙන් තමන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කරයි.

ආණ්ඩුව විපක්ෂයේ සහාය නොඉල්ලුව ද කොවිඩ් වසංගතය මැඩලීම සඳහා සහාය ලබා දීමට තමන් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඒ සඳහා ආණ්ඩුව කොවිඩ් මර්දනය සඳහා ගෙන එන ඕනෑම යහපත් යෝජනාවක් සඳහා තම සහාය ලබා දෙන බව තිස්ස අත්තනායක පවසයි.

ආණ්ඩුව ජනතාවට උත්සව සමයේ කටයුතු කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබා නොදුන් හෙයින් තුන් වෙනි කොවිඩ් රැල්ලක් ඇති වීමේ වගකීම ආණ්ඩුව ගතයුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

අද (03) මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේග ජාතික සංවිධයකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.