Ada-Derana-1140-X-60-S 1200 add-02

ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…

93
11453136468821839297
add-01

හිඟුරක්ගොඩ දී පැවැත්වෙන සත්‍යග්‍රහයක් සඳහා ආණ්ඩු පක්ෂයට එක් වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය එක්වී තිබේ.

එම සත්‍යග්‍රහය පවත්වමින් ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා රජයට බල කිරීමටයි.

සත්‍යග්‍රහයට එක්වූ මන්ත‍්‍රීවරිය සඳහන් කර ඇත්තේ තමන් ඊට තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

ශුද්ධ මූල්‍ය ණය කපා හරින බවට පසුගිය ජනාධිපතිවරණයේ හා මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ද සඳහන් විය.

මන්ත්‍රීවරිය එහිදී තව දුරටත් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්නයට ඉදිරි සති දෙක ඇතුළත කඩිනම් විසඳුමක් ලබාදීමට තමන් මැදිහත් වන බවයි.