Ada-Derana-1140-X-60-S 1200 add-02

ආණ්ඩුවේ අයම වියත්මගට බනිනවා… මෙහෙම ගියොත් ඊළඟ ඡන්දෙ පරදිනවා.. ආණ්ඩුව ගැන ජනතාව අප්‍රසාදයෙන්..- ගොඩහේවා

77
11453136468821839297
add-01

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යම් යම් අප්‍රසාදයක් ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

එය තේරුන් නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් පහලට වැටෙනු ඇති බවත් පවසන ඒ මහතා ආණ්ඩුවේ කණ්ඩායම් තුල සමගිය නැතිනම් ඊළග මැතිවරණය ලේසි වන්නේ නැතැයිද ඔහු කියා සිටී.

බලයට ආවේ කෙසේදැයි අමතක කලහොත් ඊළග මැතිවරණය දිනන්න බැරි බවද ඒ මහතා පැවසීය.

අද තම කදවුරේම පිරිස් වියත්මගට බැණ වදින බවත් එය ඉතා කණගාටුදායක කරුණක් යයිද කී රටේ සිදුවන සියළු දේවලට වියත්මගට චෝදනා නොකල යුතු බවත් කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.