සමගි ජන බලවේගයෙන් වත්මන් රජය පෙරලා දැමිමට දැළ එලලා හමාර බවත් අවශ්‍ය වේලාවට ආණ්ඩුව පෙරලා දමන බවත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ යටිනුවර ආසනයේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය කඩුගන්නාව නගරයේදි විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
අද රජයට බැරිවෙලා තියෙනවා ආර්ථිකය පාලනය කරන්න. හැම දෙයටම කොවිඩ් ඉස්සරහට දානවා. නමුත් ඉන්දියාව, ඒංගලන්තය වගේ රටවල කොවිඩ් තිබුනට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරලා තිබෙනවා. අන්න ඒ්කයි අපේ රටේ හා අනිත් රටවල වෙනස. ඇයි අපේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහල ගියේ. මොකද ආණ්ඩුවට සල්ලි නැ. ජනතාවට බදු ගහනවා ඇරෙන්න, ජනතාවගෙන් බදු මුදල් අය කරනවා ඇරෙන්න රජයට මුදල් නැ.
ඇත්තවශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා තියෙන්නනේ. කිසිම පාලනයක් නැ. ආණ්ඩුවේ බලතල අති බහුතරයක් රාජපක්ෂ පවුල විසින් බෙදාගෙන. ඇමතිවරුන්ට කරන්න දෙයක් නැ. රජපක්ෂ පවුල සියලු සංස්ථා, සියලු දෙර්තමේන්තු ඒ් අයගේ යටතට අරගෙන. අද ඇමතිවරුන්ට කරන්න දෙයක් නැ, ඇමතිවරු කොච්චර අසහනයෙන්ද ඉන්නේ කියනවා නම්, පසුගිය බ්‍රහස්පතින්දා තිබුන දේශපාලන පලිගැනිම් පිළිබද විවාදයට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු කවුරුත් සහභාගි වුනේ නැ. කොච්චර උරන වෙලාද කියනවානම් දවස් දෙකේම ඒක කැබිනට් ඇමතිවරයෙක්වත් කට ඇරියේ නැ. ආණ්ඩුවේ තත්වය ඒකෙන්ම පේනවා.
ආණ්ඩුව නව නිතියක් ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදි ආණ්ඩුව විසින් විශාල ව්‍යාපෘති ආරම්භ කරනකොට කැබිනට් මණ්ඩලයේ අවසර ගන්නේ නැ කෙලින්ම ජනාධිපතිතුමා ලේකම් වරයා හරහා ඒ් අවශ්‍ය ලියකියවිලි අත්සන් කරනවා මේවා ඔක්කෝම නිතියෙන් පිට වැඩ. මිත්‍රවරුනි නමුන්නාන්සේලාට අදහාගන්න බැරි පිරිසක් මේ ආණ්ඩුව තුල අසහනයෙන් ඉන්නේ. ඉදිරියේදි බලාගන්න පුලුවන් මේ ආණ්ඩුවේ තත්වය මොකක්ද කියලා.
ඒ් වගේම ගෑස් මිල, ගැස් සිලින්ඩරයක බර කිලෝ 3.3 ක් අඩුකරලා තියෙනවා. හරිනම් අඩුකරපු බර අනුව රුපියල් 394 ට පමණ ආසන්න මුදලක් මිළ අඩුවෙන්න ඔනේ. නමුත් මිළ අඩුකරලා තියෙන්නේ රුපියල් 100 කට ආසන්න මුදලක්. ජනතාවට රුපියල් 296 ක පමණ මුදලක් මේ හරහා පාඩුවක් සිදු කරලා තිබෙනවා. මේක තමා වත්මන් ආණ්ඩුවේ තත්වය. ඒ් වගේම ගොවින්ට රසායනික පොහොර දෙන්නේ නැ කියනවා. මොකක්ද හේතුව? ආණ්ඩුවට සල්ලි නැ පොහොර ගෙන්වන්න. නමුත් ඇත්ත හේතුව ආණ්ඩුවට සල්ලි නැ. ආණ්ඩුවට සල්ලි නැති වුනාමයි දේශිය ආර්ථිකය, දේශිය වගාව මතක් වුනේ. පොහොරත් ඒහෙමයි. පොහොර ප්‍රශ්ණය මැතිවරණ ව්‍යාපාරයට ගෙනාවේ මේ අය. වත්මන් රජය පොහොර නොමිලේ දෙනවා කිව්වා. පොහොර ප්‍රශ්ණය ගොවි ජනතාවට පෙන්වලා ගොවි ජනතතාවගේ ඡන්දය ගත්තේ වත්මන් රජයයි.
මිත්‍රවරුනි, සමගි ජනබලවේගයෙන් වත්මන් ආණ්ඩුව පෙරලන්න දැළ ඒලලා හමාරයි. නමුත් දැළ අදින්නේ අවශ්‍ය වෙලාවටයි. අපි දැළ දැන්ම අදින්නේ නැ. මේ ආණ්ඩුව රට දාලා යනකල්ම අපි දැල අදින්නේ නැ. ඒ් වගේම මම කියන්න කැමතියි ආණ්ඩුව හදන්නේ කොට්ඨාශ ක්‍රමයක් ගේන්න. ඒ්ක සාර්ථක වෙයිද නැතිවෙයිද කියලා මට කියන්න බැ. නමුත් ආණුඩුව පලාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණයට කොට්ඨාශ ක්‍රමයක් ගේන්නයි හදන්නේ. කොට්ඨාශ ක්‍රමය ඒක අතකින් හොදයි මොකද මනාප යුද්ධය නැති නිසා. නමුත් මගේ දැනුමේ හැටියට ඉදිරියේදි ඒන්නේ ප්‍රාදේශිය සභා මැතිවරණය.
මහනුවර දිස්ත්‍රික්කය දිහා බැලුවාම අපේ රජය කාලේ කරපු වැඩවලින් වත්මන් රජය දශමයකවත් දෙයක් කරලා නැ. උඩරට උරුමය ඇමති කලේ මම මිලියන 1000 ක මුදලක් මහනුවර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර සදහා ලබාදුන්නා.
ඒ් වගේම අපේ සහෝදර මන්ත්‍රිතුමා රිෂාඩ්, ඒතුමා මිට පෙර අත්අඩංගුවට ගෙන අරගෙන මාස ගණනාවක් තබා ගත්තා. පසුව සාක්ෂි නැ කියලා නිදහස් කෙරුවා. නමුත් දැන් නැවත අත්අඩංගුවට අරගෙන. ඇත්ත වශයෙන්ම ඒතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. වැරැද්දක් කරා නම් නඩු පවරන්න පුලුවන්. ඇයි රිමාන්ඩ් කරලා හිරිහැර කරන්නේ ? ඒතුමා මේ රට දාලා යන්නේ නැ. පාන්දර 1.30 ට පමණ ගිහින් අත්අඩංගුවට අරගෙන දැන් අයෙත් සාක්ෂි තියෙනවා කියලා කියනවා. සාක්ෂි හදලද දන්නෙත් නෑ. අපි ඉල්ලීමක් කරනවා ඒතුමාට ඇපයක් ලබාදෙන්න කියලා. වැරැද්දක් කරලා තියෙනවා නම් උසාවියට ඉදිරිපත් කරන්න. නමුත් රිමාන්ඩ් කරලා වද දීම, හිරිහැර කිරිම ඇත්ත වශයෙන්ම අපි හෙලා දකිනවා.