Ada-Derana-1140-X-60-S 1200 add-02

ආවේගශීලීව සංවර්ධන අවස්ථා අහිමි කරගන්න එපා…! පරාක්‍රම සමුද්‍ර මංතීරුවේ වටිනාකම තේරුම් ගන්න..! – අස්ගිරි අනුනාහිමි…

263
11453136468821839297
add-01

එදා කෘෂිකාර්මික ගොවි ජනපදයක් වුව ද ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ පොළොන්නරුව දෙස් විදෙස් සංචාරකයින් ඇදී එන සංචාරක පුරවරයක් බවට පත්ව ඇති බැවින් පරාක්‍රම සමුද්‍රයට හානියක් නොවන පරිදි එම ජනතාව සඳහා යටිතල පහසුකම් ගොඩනැංවීම ගැටලුවක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බවත් වැව භාර ඉංජිනේරුවරයා ඇවිදින මංතීරුව ඉදිකිරීමෙන් වැව් බැම්මට කිසිදු හානියක් නොවන බව තහවුරු කර ඇති බවත් එහිමියෝ පෙන්වා දෙති.

අනවශ්‍ය ලෙස ආවේගශීලි නොවී මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවබෝධ කරගත යුතු බවත් සංචාරක කණ්ඩායම්වලට වැව් අසිරිය නැරඹීමට අවස්ථාව ලබා දෙන වැඩපිළිවෙළකට එළඹිය යුතු බවත් උපාලි හිමියෝ අවධාරණය කරති. තව දුරටත් අප කෘෂිකර්මාන්තය මත ම නොයැපෙන බවත් සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප්‍රමුඛ අංගයක් බවට පත්ව ඇති බවත් එහිමියෝ වැඩි දුරටත් අවධාරණය කරති.