දැනට මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගෙන් 30%කගේ පමණ මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙයින් පෙනී යන්නේ දැනටමත් වෛරසය විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවත් එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් ය.
මේ දිනවල සිදුකරන PCR පරීක්ෂණ දින 3 සිට 8 දක්වා ප්‍රමාද වී ඇති බව ද එනිසා ඇතැම් ආසාදිතයන්ගේ සමීප පුද්ගලයන් හරහා ද රෝගය බෝ වීමට පටන් ගෙන ඇතැයි ද ඔහු පැවසීය.
එන්නත් ලබාදීම හා සංසරණ සීමා පැනවීම මත ව්‍යාප්තියේ යම්කිසි අඩුවීමක් සිදුවිය හැකි යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.