Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇදිරි නීතිය මැද සතොස ඉදිරියේ දීර්ඝ පෝලිම්.. අයෙකුට සීනි 03යි.. හාල් 05යි.. පොහොට්ටු මන්ත්‍රිවරයෙක් මැනේජර්ට පහර දේ…

232
11453136468821839297
add-01

රජය මගින් සිනි සහ සහල් මිල පාලන මිල ප්‍රකාශ කිරිමත් සමග හැටන් සතොස ශාඛාවෙන් සිනි,සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභොගිකයන් විශාල පිරිසක් පොලිම් වල රැදි සිටියහ.

සතොස ශාඛාවෙන් දුඹුරු සිනි කිලෝ දෙකක් සහ සුදු සිනි කිලෝව බැගින් සහ සැම වාර්ගයේම සහල් වලින් කිලෝ පහ බැගින් පාරිභෝගිකයන්ට ලබාදෙයි.

සතොස ශාඛාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට වතුකරයේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් විශාල පිරිසක් හැටන් සතොස ශාඛාව වෙත පොලිම් වල රැදි සිටි අතර , පොලිම් පාලනය කිරිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයේ රාජකාරි කටයුතු සදහා යොදවා ඇත.

මේ අතර හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) විසින් පහර දුන් බවට කලමණාකාරවරයා විසින් සතොස ඉහල කලමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත.

නාගරික මන්ත්‍රිවරයා (01) දින පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහල කලමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව එම සතොස ශාඛාවේ සේවකයින් විසින් නාගරික මන්ත්‍රිවරයාට පවසා ඇත.

එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන බැද කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කලමණාකාරවරයා බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත.

පහර දෙන අවස්තාවේ  සතොස ශාඛාවේ සෙසු සේවකයින් නාගරික මන්ත්‍රිවරයා අල්ලාගෙන පසුව එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකල හැටන් පොලිස් නිලධාරියෙකුට පොලිස් නිලධාරිවරයාට භාර දි ඇත.

සතොස ශාඛාවේ ඉහල කලමණාකාරිත්වයේ උපදෙස් අනුව තමන්ට නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.