Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් සිව් කොන් සමුළුවක

247
11453136468821839297
add-01

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද සිය ප්‍රථම සිව්කොන් සමුළුවට එක්වූයේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානයේ නායකයන් සමඟින්.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති එම සමුළුවේදී කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සහ ඉන්දු – පැසිෆික් කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එම සමුළුවේදී අනාවරණ වූ තවත් කරුණක් වූයේ ජනපති බයිඩ්න් හමුවන ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා ලෙස ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ඇමරිකාවේ සංචාරයකට සැරසෙන බවයි.

මෙම සිව්කොන් සමුළුව චීනයේ ආදිපත්‍යයට එරෙහිව පිහිටුවා ගනු ලැබූ බලමුළුවක් ලෙසයි සැළකෙන්නේ.

ඇමරිකානු නොවවැක්ස් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්ද ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අගමැති මෝදි මෙහිදී ජනපති බයිඩ්න් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.