Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රා ගැටලුව අවසන්….! එන්නත් නව ලක්ෂයක් ලබන මාසේ ලංකාවට…!

86
11453136468821839297
add-01

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 9ක් ජුනි මාසය වන විට මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණයට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා රජය අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙලක්ෂ 60,915 කට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව 9,826 කට ලබාදී අවසන් ය.

ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය අනපේක්ෂිත ලෙස ඉහළ යාම නිසා එරටින් විදෙස් රටවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් යැවීම නතර කෙරිණි.