තලෙබාන් නව පාලනය සමග සමීප සබඳතා පවත්වාගැනීමේ සූදානමින්, අමෙරිකානු ඩොලර් මිලියන 22ක ආධාරයක් ප්‍රදානය කිරීමට චීනය තීරණය කර තිබේ.
ඒ අනුව නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් පියවර චීනයේ ප්‍රංශසාවට ලක්වී ඇත.
ඇෆ්ගනිස්තානය එනම් ඉස්ලාමීය එමිරේටය වෙත දැවැන්ත ආධාරයක් ලබාදීමට චීනය පියවර ගෙන ඇත්තේ එම පියවර අගය කරමිනි.
ආධාර යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කොවිඩ් එන්නත් තොගයකි.
මේ අතර කාබුල් හි පාලනය තලෙබාන් සංවිධානය අතට පත්වෙද්දී රටින් පළා ඒම සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපති අෂ්රෝෆ් ගානී ඇෆ්ගන් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගානී වැඩිදුරටත් පවසා තිබුණේ, රටින් පළා ඒම තමන් ජීවිතයේ ගත් අසීරුතම තීරණය බවය.
රුධිරය වැගිරීම වැළැක්වීමට තිබූ එකම මාර්ගය එය බවද හිටපු ජනාධිපතිවරයා එහි සටහන් කර තිබුණි.