Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇෆ්ගනිස්තානයේ අයි එස් ඉලක්කයකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

250
11453136468821839297
add-01

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ අයිඑස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක්  එල්ලකර තිබේ.

එහිදී අයිඑස් සංවිධානයේ ප්‍රධානියෙකු ඇතුළු පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

කාබුල් නුවර සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස අමෙරිකානු හමුදාව එම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුකළ ප්‍රහාරවල වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගෙන තිබූ අතර ප්‍රහාර හමුවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 170 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු මෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට අපේක්ෂාවෙන් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතික කුඩා දරුවෙකු ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.