Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇෆ්ගනිස්තානය ගැන සෞදියේදී සාකච්ඡාවක්

43
11453136468821839297
add-01
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකාබලන ලෙස ඉල්ලමිනි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේද අවධානය යොමුවී ඇති බවය.
සෞදියේ ජෙඩා නුවර පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම ඉස්ලාමීය නීතියේ අරමුණු හා අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංවිධානයට අයත් සාමාජික රටවල් 57ක් ඇෆ්ගනිස්තානයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.