සිය හමුදා ගුවන් යානා මගින් ඇෆ්ගනිස්ථානයෙන් පුද්ගලයින් ඉවත් කර ගැනීම අද දිනයේ දී අවසන් කරන බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළා.
එලෙස අවසන් වශයෙන් ඉවත් කර ගැනෙන දහසකට ආසන්න පිරිසක් මේ වනවිට කාබුල් ගුවන්තොටුපොළේ ගුවන් පථය වෙත ළගා වී ඇති බවයි බි්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් බොලස් ප්‍රකාශ කළේ.
හැකිතාක් පුද්ගලයින් ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන නමුදු සිය හමුදා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරි පැය කිහිපය තුල දී අවසන් කරන බවයි ඔහු කියා සිටියේ.
ඇමෙරිකානු හමුදා භටයන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 90 දෙනෙකු ජිවිතක්ෂයට පත්කරමින් තවත් 150කට පමණ තුවාල සිදුකරමින් ඊයේ එල්ල වූ අයි.එස් ප්‍රහාරයෙන් පසු කාබුල් නුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපලෙන් පුද්ගලයින් ඉවත් කර ගැනීම අද යළි ආරම්භ වුණා.
මේ වනවිට ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කර ගෙන ඇති අතර දැන් ප්‍රමුඛත්වය හිමි ව ඇත්තේ නේටෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා ඉවත් කර ගැනීමටයි.