Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇෆ්ගනිස්ථාන ජාතිකයින් එරටින් ඉවත් කර ගැනීම වේගවත් වෙයි

259
11453136468821839297
add-01
ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශකයින් මෙන්ම ඇෆ්ගනිස්ථාන ජාතිකයින් එරටින් ඉවත් කර ගැනීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වේගවත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ තුළ පමණක් ඇෆ්ගනිස්ථානයෙන් රැගෙන ගොස් ඇති සංඛ්‍යාව 19,000 කට ආසන්නයි.

ඔවුන් රැගෙන ගොස් ඇත්තේ අමෙරිකාව සිදුකරන ගලවා ගැනීමේ මෙහෙයුම යටතේයි.

බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල් සිදුකරන ගලවා ගැනීමේ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයින් 1,200 ක් ඇෆ්ගනිස්ථානයෙන් රැගෙන ගොස් තිබෙනවා.

තවදුරටත් ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාමට අපේක්‍ෂාවෙන් සිටින අමෙරිකානු ජාතිකයින් ගණන 1,500 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.