Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉදිරි දෙසතියේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙනවා….! මගේ අන්තර්ජාතික සබඳතා නිසා වැඩේ පහසු වුණා…!- රෝසි සේනානායක…

85
11453136468821839297
add-01

මේ වන විට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ඉදිරි සති දෙක ඇතුළත ලබා දෙන බව කොළඹ පුරපතිනි රෝසී සේනනායක පවසයි.

මේ වන විට අදාළ එන්නත් තොග ලබා ගැනීම සඳහා සියලු කටයුතු සිදුකර ඇති බව ද ඇය අවධාරණය කරයි.

ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය දරුණු වීම සමඟ එන්නත් විදෙස් රටවලට යැවීම නතර කළ නිසා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගත නොහැකි තත්ත්වයක් පසුගිය සමයේ ඇති විය.

කෙසේ වුව ද මේ වන විට එම ගැටලු විසඳා ගෙන අවසන් බවත් ඒ සඳහා සිය ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන ජනාධිපතිවරයා සමග එක්ව අදාළ එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කළ බවත් රෝසි සේනානායක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙයින් කිසිදු කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් නුදුරේ දීම දෙවන එන්නත් මාත්‍රාව ලැබෙනු ඇති බවත් පුරපතිනිය කොළඹ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියි.

එසේ ම ජනාධිපතිවරයාගේ නියෝග අනුව දැවැන්ත එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් රෝසි සේනානායක අවධාරණය කරයි.