Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉදිරි රැල්ලට සූදානම් වන්න.. අනතුරු අඟවයි…

709
11453136468821839297
add-01
රට මුහුණදී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, ඊළඟ කොවිඞ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත්, රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඞ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් ප්‍රභේදයට වඩා, වරින්වර ඉස්මතු වූ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේදයන් ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බැවින්, අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමග වඩා දරුණු වූ හතරවන රැල්ලකටද මේ වනවිට මුහුණදීමට සිදුවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් මියයන බොහෝ පුද්ගලයින් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ නොකළ හෝ කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.