Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දියාවෙන් අද සිව්වන දිනටත් තුන්ලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන්

88
11453136468821839297
add-01

කොරෝනා ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවන ඉන්දියාවේ දිල්ලි අගනගර ප්‍රාන්තයේ නිරෝධායන සීමාවන් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ එලෙස නිරෝධායන නීති දැඩි කළ යුතු බව ජනතාවගේද මතය බවයි.

දිල්ලියේ කොරෝනා පරීක්ෂාවන්ට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 37 ක් පමණ දැන් ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙනවා.

එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවන බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහල් අදත් හදිසි ආධාර ඉල්ලීමේ පණිවුඩ නිකුත් කරනු ලැබුවා. එහෙත් දිල්ලියට අවශ්‍ය ඔක්සිජන් මෙටි්‍රක් ටොන් 700 කින් දැනට සපයාගැනීමට හැකිව ඇත්තේ මෙටි්‍රක් ටොන් 490 ක පමණ ප්‍රමාණයක්.

ඉන්දියාවෙන් අද සිව්වන දිනටත් තුන්ලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් වාර්තාවූ අතර, දෛනික මරණ සංඛ්‍යාවද 2,767 ක් ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගියා.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යුරෝපා සංගමය, රුසියාව සහ සෞදි අරාබිය යන රටවලින් ගුවන් මගින් එවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් ජාත්‍යන්තර සහය ඉල්ලා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

ඉන්දියාවේ පසමිතුරු පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් වදින ඉන්දියානුවන් වෙත තමන් සහෝදරත්වය පළ කරන බවයි.

මේ අතර, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර රෝහලක කොරෝනා දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 82 නෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බැග්ඩෑඩ් නුවර ඉබන් අල් කාටිම් රෝහලේ අද ඇති වූ ගින්නෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඔක්සිජන් ටැංකියක් පිපිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.