Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළට

294
11453136468821839297
add-01

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 24,882 ක් වාර්තා වී ඇති අතර, එය දින 83 කට පසු වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි දහතුන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඊයේ වාර්තා වූ මරණ 140 ක් සමගින් එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 58,446 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ඨ්‍ර, කේරළ, පන්ජාබ්, කර්නාටක, ගුජරාට් සහ තමිල්නාඩු ප්‍රාන්තවලින්.