ආයුධ සහිත ඩ්‍රෝන යානා 30 ක් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා.
අසල්වැසි පාකිස්ථානය සහ චීනය සමඟ පවතින ගැටුම් උණුසුම්වීමත් සමඟ ඉන්දියාව සිය ගොඩබිම් සහ මුහුදු ආරක්ෂාව සඳහා මෙම ඩ්‍රෝන යානා මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව, MQ9B වර්ගයේ ඩ්‍රෝන යානා 30ක් ලබන මාසයේදී මිලදී ගැනීම සඳහා ඉන්දියාව, ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් වැය කිරීමට නියමිතයි.