ඉන්දියාව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන නව කොරෝනා එන්නතක මාත්‍රා මිලියන 300ක් වෙන් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
බයොලොජිකල් – ඊ නමැති ඉන්දීය සමාගම නිෂ්පාදනය කරන එම එන්නත මේ වනවිට තුන්වන අදියරේ සායනික පරීක්ෂණවලට යොමුකර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුල භාවිතයට යොදා ගැනෙනු ඇති.
මෙම එන්නත මෙතෙක් නමක් ලබාදී නොමැති බව සඳහන්. බයොලොජිකල් – ඊ සමාගමෙන් ඇණවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 300 ට අමතරව, කොවිෂීල්ඩ් සහ කොවැක්සීන් ඉන්දීය කොරෝනා එන්නත් වලින් ද, මාත්‍රා මිලියන 350 ක් ද ඉන්දීය රජය ඇණවුම් කර තිබෙනවා.
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් ලැබූ ප්‍රතිශතය ජනගහනයෙන් සියයට 10 ඉක්මවන්නේ නැහැ.