Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

129
11453136468821839297
add-01

ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් පහළට ඇදවැටී බස් රථයක් අනතුරට පත්ව ඇති බව සඳහන්.

පාසල් ළමුන් සහ මව්පියන් ඇතුළු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී ආපසු පැමිණෙන අතරතුර එම සිදුවීමට මුහුණ පා තිබුණා..

ජාවා දූපතේ සුමෙඩන්ග් නගරය අසළ ප්‍රදේශයකදී අනතුර සිදුව ඇති අතර බලධාරීන් පවසන්නේ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි.

අනතුරින් 39 දෙනෙකු දිවි ගලවා ගත් බව එරට ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.