Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉරානයෙන් ඉන්දියාවට පාකිස්තානයට තහංචි

95
11453136468821839297
add-01

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන සහ ඉන්දියාව සහ පාකිස්තානය බලා යන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉරානය තීරණය කර තිබේ.

ඉරානය මෙසේ තීරණය කළේ, ඉන්දියාවේ සහ පාකිස්තායේ කොරෝනා වයිරස වසංගතය උග්‍ර අතට හැරී ඇති බැවිනි. ඉන්දියාවෙන් මේ වනවිට දෛනිකව ආසාදිතයන් ලක්ෂ තුනකට වඩා වාර්තා වෙයි.

මැදපෙරදිග රටවල් අතරින්, කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ රටක් ලෙස සැලකෙන්නේ ඉරානයයි. ඉරානය මේ වනවිට සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දී සිටී.

ඉරානයේ සිවුවැනි කොරෝනා රැල්ලට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනා ගත් විකෘති වයිරස ප්‍රභේදය යැයි ඉරාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.