Ada-Derana-1140-X-60-S 1200 add-02

ඊශ්‍රායල පලස්තීන ගැටුම් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා

227
11453136468821839297
add-01

ඊශ්‍රායල හමුදා සහ හමාස් සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම්වලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, ඊශ්‍රායලය තුල ජිවිත හානි 5 ක් වාර්තා වනවා.

වසර ගණනාවකින් ඊශ්‍රායල සහ පලස්තීන කණ්ඩායම අතර, ඇති වූ දරුණුතම ගැටුම මෙයයි.

ඊශ්‍රායලය විසින් අද අලුයම් කාලයේ ගාසා තීරයට ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කළ අතර, පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ බීර්ෂෙබා නගරයට මිසයිල වර්ෂාවක් එල්ල කළා.

පලස්තීන රොකට් ප්‍රහාර හමුවේ ලොඩ් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ඊශ්‍රායල බලධාරින් පියවර ගත්තා.

ගාසා තීරයේ මහල් 13 කින් යුත් ගාසා කුළුණ ඊශ්‍රායල ප්‍රහාරයෙන් බිමට සමතලා වූ අතර, එහිදී සිදුවූ පූර්ණ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණ කර නැහැ.

ඊශ්‍රායල – පලස්තීන නවතම ගැටුම් ඇවිළුණේ ජෙරුසෙලම් නුවර අල්-අක්සා ඉස්ලාමීය දේවස්ථානය මුල්කරගෙනයි.

රාමසාන් සමයේ එහි පැමිණෙන පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය දැඩි ක්‍රියාමාර්ග ගැනීම පලස්තීනුවන්ගේ උදහසට ලක්වූ කරුණක්.

එමෙන්ම, ඊශ්‍රායලය විසින් නැගෙනහිරු ජෙරුසෙලමේ පලස්තීනුවන් පිටුවහල් කිරීමට ගන්නා උත්සාහයද ගැටුම් උත්සන්න වීමට හේතු වී තිබෙනවා.

ඇතමුන් චෝදනා කරන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය පිරිහෙන ජනප්‍රියත්වය හමුවේ බලයේ රැදී සිටීම සඳහා ගැටුම් උත්සන්න කිරීමට කටයුතු කරන බවයි.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් පිළිබඳව ජගත් සංවිධානය දැඩි කනස්සල්ල පළ කල අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද යළි රැස්වීමට නියමිතයි.