Ada-Derana-1140-X-60-S 1200 add-02

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

172
11453136468821839297
add-01

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊශ්‍රායල පාර්ශවයේ ද පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගාසා තීරයේ මහල් ගොඩනැගිලි රැසක් ගුවන් ප්‍රහාර වලින් විනාශ වූ අතර, මෙය 2014 වසරෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වූ දරුණුතම ගැටුම ලෙසයි සැලකෙන්නේ.

මැදපෙරදිග ජගත් සංවිධාන විශේෂ නියෝජිත ටෝර් වෙන්ස්ලෑන්ඩ් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවයි.