ඊශ්‍රායලයේ විපක්ෂ කණ්ඩායම් 8ක් එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදාළ විපක්ෂ කණ්ඩායම් ලිඛිතව ඊශ්‍රායල ජනාධිපති රුවින් රිව්ලින් වෙත දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එලෙස නව ආණ්ඩුවක් පිහිට වුවහොත් දැනට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බෙන්ජමින් නෙතන්යාහුගේ දොලොස් වසරක ධුර කාලය අවසන් වනු ඇති.
කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තු ඡන්දයක් ද අවශ්‍ය වනවා.