Ada-Derana-1140-X-60-S 1200 add-02

ඊශ්‍රායෙල් බන්ධනාගාරයක සිටි පලස්තීන රැඳවියන් පිරිසක් උමගක් ඔස්සේ පළා ගිහින්

267
11453136468821839297
add-01

බන්ධනාගාරයකින් පළාගිය පලස්තීන රැඳවියන් 6 දෙනා සොයා ඊශ්‍රායල ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලයේ ස්ථාපිත දැඩි ආරක්ෂක රැකවල් සහිත බන්ධනාගාර අතරින් එකක් ලෙස සැලකෙන ‘ගිල්බෝආ‘ බන්ධනාගාරයේ රඳවා සිටි මෙම රැඳවියන් රහසිගත උමගක් මාර්ගයෙන් පළාගොස් තිබුණි.

පළායාමේ අරමුණින් මාස කිහිපයක් පුරා ඔවුන් එම උමග සකස්කර ඇති බවට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත.

බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය ආශ්‍රිත ගොවිතැන් කටයුතුවල නිරත පිරිස් විසින් සිදුකරන ලද දැනුම්දීමක් මත එම උමග සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර පසුව රැඳවුවන් පිළිබඳව සිදුකළ සොයාබැලීමක දී එලෙස 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවට නිරීක්ෂණය වී තිබුණි.