Ada-Derana-1140-X-60-S 1200 add-02

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

83
11453136468821839297
add-01
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරුණා. සියළුම අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගැනීමට මේ වනවිට පහසුකම් සළසා ඇති අතර දිවයිනේ සියලුම පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරි දිනකදී පාසල්වල විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.

මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්‍ෂකයන් තුන් ලක්‍ෂ 1,771 දෙනෙක් පෙනී සිටි අතර ඉන් අපේක්‍ෂකයින් දෙලක්‍ෂ 77,625 දෙනෙකු පෙනී සිටියේ නව විෂය නිර්දේශය යටතේයි. ඉන් එක් ලක්‍ෂ 78,337 දෙනෙකු විශ්ව  විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. පැරණි නිර්දේශය යටතේ අපේක්‍ෂකයන් 24,146 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 15,960 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ත අපේක්‍ෂකයන් සංඛ්‍යාව වන තුන් ලක්‍ෂ 1,771 න් එක් ලක්‍ෂ 94,297 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 64 යි දශම 3 යි 9 ක් වනවා.

දේශීය සහ විදේශීය භාවිතය සදහා මෙවර උසස් පෙළ විභාගයේ විභාග සහතික පත්‍ර නිකුත් කිරීම පිළිබදව ඉදිරියේදී දැනුවත් කෙරෙනු ඇති. ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 1911 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

උසස් පෙළ ප්‍රතිඵල මෙතැනින් ලබාගන්න