ඉන්දීය – එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වනවිට ලීඩ්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වේ.
තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාව තීරණය කළේය.
නමුත් ඔවුන්ට මුහුණදීමට සිදුවූයේ නොසිතූ අකරතැබ්බකට ය.
ඒ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 78කට සීමාවීම හේතුවෙනි.
එය ඔවුන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව රැස්කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සඳහන් වෙයි.
ඔවුන් 1987 දී සිය පළමු ඉනිම සඳහා දිල්ලි ක්‍රීඩා පිටියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 75කට දැවී ගිය අතර 2008 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අහමදාබාද් හිදී සිය පළමු ඉනිම සඳහා ලකුණු 76කට දැවී ගොස් තිබුණි.
අද ඉන්දීය පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ රෝහිත් ශර්මා ය. ඒ ලකුණු 19කි.
ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 20කට දැවී ගියේය.
පන්දු යැවීමෙන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රෙග් ඔවර්ටන් කඩුලු 3 බැගින් දවාගත් අතර ඔලී රොබින්සන් සහ සෑම් කරන් කඩුලු 2 බැගින් හිමිකර ගත්හ.