ලෝක උරුමයක් වන දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳුකරයේ වනාන්තර තුල එනසාල් වගාකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට රජය සූදානම් වන බවට පරිසර සංවිධානයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ වැවිලි බෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ උපදෙස් මත නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවයි.
මේ සම්බන්ධයෙන් නිවුස් රේඩියෝවට වැඩිදුරටත් කරුනු පැහැදිලි කළ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක පරිසරවේදී සජීව චාමිකර මහතා.
මේ සම්බන්ධයෙන් විමසීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට නිවුස් රේඩියෝ උත්සහ කළද එය ව්‍යර්ථ වුණා.