Ada-Derana-1140-X-60-S 1200 add-02

ඒකාබද්ධ මෙහෙයුමකින් ගෝලීය අපරාධ කල්ලි රැසක් වටලයි

189
11453136468821839297
add-01

ඇමෙරිකානු එෆ් බී අයි. ඔත්තු සේවාව, යුරෝපෝල් හෙවත් යුරෝපීය පොලීසිය සහ යානු පොලීසිය ඇතුළු නීතිය බලගැන්වීමේ ආයතන වසර 3 ක් තිස්සේ සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් ලොව පුරා ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි රැසක් අනාවරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.

2018 වසරේ සිට එම ආයතන සිය මෙහෙයුම සඳහා අපරාධ කල්ලි අතර ජනප්‍රිය අන්තර්ජාල යෙදවුමක් වන අනොම් ගවේෂණය කර ඇති බව සඳහන්.

එහිදී අපරාධ කල්ලි සිය මෙහෙයුම් සඳහා සිදුකළ සන්නිවේදනයන් එෆ්.බී.අයි. ඇතුළු ආයතන විසින් ග්‍රහණය කරගෙන තිබෙනවා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව, ආසියාකරය, දකුණු අප්‍රිකාව සහ මැදපෙරදිග කලාපයේ රටවලින් පුද්ගලයින් සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබූ බවයි ඕස්ටේ්‍රලියාව අද අනාවරණ කළේ.

ඕස්ට්‍රේලියාවේ පමණක් සිදුකළ මෙහෙයුම් වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000 ක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 35 කට අධික මුදල් සහ වත්කම් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.