දැන් පැවැත්වෙන 2021 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සංස්කරණය සඳහා සවුන්ඩ් ඔෆ් මෙට්ල් චිත්‍රපටය වෙනුවෙන් මිකෙල් නීල්සන් සම්මාන ලබා තිබෙනවා.
ඒ නිර්දේශිත චිත්‍රපට පහක් අතරින්.
හොඳම සහය නිළිය ලෙස යූ ජුන්ග් යොන්ග් සම්මානයට පාත්‍රව ඇත්තේ මිනාරි චිත්‍රපටය වෙනුවෙන්.
හොඳම සහය නළුවා ලෙස ඩැනියෙල් කලූයා සම්මානයට පාත්‍රවූ අතර, හොඳම අධ්‍යක්ෂණය ලෙස නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය වෙනුවෙන් ක්ලොවී ෂාව් සම්මාන ලැබුවා.
මේ අතර 2021 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ‘ ද ෆාදර් ‘ චිත්‍රපටියේ ඇන්තනී හොප්කින්ස්.
හොඳම නිළිය ‘නෝමැඩ්ලෑන්ඩ්’ චිත්‍රපටියේ ෆ්රැන්සිස් මැක්ඩෝමන්ඩ්.
හොඳම චිත්‍රපටය:නෝමැන්ඩ්ලෑන්ඩ්.
මෙවර ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ 93 වන වරට වන අතර, කාණ්ඩ 21 ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.