ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවීම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගෙල ප්‍රදේශයේ සිදුකළ සැත්කමක් හේතුවෙන් ටිම් පෙයින් හට තරගාවලිය හෝ තරග කිහිපයක් මඟහැරෙනු ඇති බව වාර්තා වේ.
කෙසේවුවද නිශ්චිත විවේක කාලයකින් පසු තමන්ට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිඩා කළ හැකි බවද ටිම් පෙයින් සඳහන් කර තිබේ.
ලබන දෙසැම්බර් මාසයේ දී අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භවීමට නියමිතව තිබෙන හෙයින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකයාට සිය සෞඛ්‍ය තත්ත්වය යථාතත්ත්වයට පත්කර ගැනීමට අවස්ථාවක් පවතින බව ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.