කොවිඩ් වසංගතය නිසා ඉදිරියේ දී ඇති විය හැකි ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය අංශ සූදානම් යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ලබන සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා යා හැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ ආයතනයක් කර ඇති පුරෝකථනය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේ දී රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගත්තත් එම රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර පහසුකම් වැඩි කරන අතර අලුතින් ඇති වන රෝගීන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අංශ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.