Ada-Derana-1140-X-60-S 1200 add-02

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට පළවන වාර්තා අසත්‍යයි

226
11453136468821839297
add-01

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවට පල වූ පුවත් පත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව ගුවන් තොටුපල බලධාරීන් පවසනවා.

එලෙස කිසිදු අනතුරක් මෙතෙක් පැන නැගී නොමැති බවද ඔහුන් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අද පුවත් පත් කිහිපයක් සදහන් කර තිබුනේ කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ඊමේල් පණිවුඩයක් ලැබී ඇති බවයි.

ලබන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් ඊමේල් පණිවුඩයේ සඳහන්ව ඇති බව වාර්තා වුනා.

බංග්ලාදේශයේ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊමේල් පණිවුඩය මෙරටට ඒවා ඇති බවටයි එම පුවත් පත් වල සදහන් උනේ.