Ada-Derana-1140-X-60-S 1200 add-02

කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත්කෙරේ

261
11453136468821839297
add-01

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළැඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස එදින වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.