ලෝක කම්කරු දිනය යෙදුණු ඊයේ දිනයේ තුර්කියේ විරෝධතා පැවැත්වූ 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මේ වනවිට තුර්කිය වසා දමා ඇති අතර එරට බලධාරීන් සඳහන් කළේ කොරෝනා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතව ඇති බවයි.
මීට අමතරව ජර්මනිය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් කම්කරු දිනය දා විරෝධතා වාර්තා වන අතර ඒවා සාමකාමි ලෙස පැවති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.