කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය විසින් ද හෙට සිට සති දෙකක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
කර්ණාටක ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදීද නව ආසාදිතයන් 34,804 ක් සොයාගැනුනු අතර, ප්‍රාන්තයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 13 ලක්ෂ 39,000 කට අධිකයි.
එමෙන්ම ඊයේ වාර්තාවූ මරණ 143 ත් සමඟ කර්ණාටක ප්‍රාන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාවද 14,426 දක්වා ඉහළ ගියා.
කර්ණාටක ප්‍රාන්තයේ 20,733ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ වාර්තාවූයේ එහි අගනුවර වූ බෙංගලූරු නුවරින්.
ඉන්දියාවේ ඊයේ දිනය තුළ නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 52,991 ක් වාර්තාවූ අතර, මෙලෙස ආසාදිත සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවූයේ අඛණ්ඩ පස්වන දිනයටයි.
එමෙන්ම ඊයේ වාර්තාවූ කොරෝනා මරණ 2,812 ත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 95,000 ඉක්මවූවා.
ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් රැසක් දැඩි ඔක්සිජන් හිඟයකට මුහුණදෙන අතර, හදිසි ඔක්සිජන් සැපයුම සිදුකිරීමට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය , ප්‍රංශය සහ ජර්මනියද ඉදිරිපත් වී සිටිනවා.