Ada-Derana-1140-X-60-S 1200 add-02

ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්ත සංචාරය ඇපයට ගනි : සංචාරය අවිනිශ්චිත තත්ත්වයක

241
11453136468821839297
add-01

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

සංචාරය සදහා තෝරා ගැනීමට නියමිත ක්‍රීඩකයන් නව ක්‍රිකට් කොන්ත්‍රාත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා එංගලන්ත සංචාරය ඇපයට ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

එංගලන්ත සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා තීරණාත්මක සංචාරයක් වන්නේ එය ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා වූ එක්දින තරග 3 කින් සමන්විත සුපර් ලීග් තරගාවලියට අදාළ තරගාවලියක් වීම නිසාය.

ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේසුපර් ලීග් ලකුණු සටහනේ අන්තිම ස්ථානය වන 13 වැනි ස්ථානයේය.

මෙම තීරණාත්මක එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන ජුනි 9 වැනි බදාදා උදෑසන 12.05 ට වන බැවින් ඉදිරි පැය 72 මෙම සංචාරය පිළිබඳව තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙයි.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙනු ඇති බව වාර්ථා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් 24 දෙනකුට කොන්ත්‍රාත් පිරිනැමූවද කොන්ත්‍රාත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයින් තවත් ක්‍රීඩකයින් 14 දෙනෙකුට කොන්ත්‍රාත් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කොට තිබෙනවා.

ඒ අනුව කොන්ත්‍රාත් අත්සන් නොකිරීමේ තීරණයට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් 38 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ කොන්තරාත්තු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අවසන් වූ අතර පසුගිය කාලය පුරා එම ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති කර ගත් තාවකාලික කොන්ත්‍රාත් පදනම මතය.

අසාධාරණ ක්‍රමවේදයකට සකසා ඇතැයි පවසමින් ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරන අදාළ කොන්ත්‍රාත් ක්‍රමය සකස් කර තිබෙන්නේ ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සභාපති අරවින්ද සිල්වා සහ අධ්‍යක්ෂ ක්‍රිකට් ටොම් මූඩි ප්‍රමුඛ පිරිසක් විසින්.