Ada-Derana-1140-X-60-S 1200 add-02

කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වු ගැටුමකින් කාන්තාවක් ජිවිතක්ෂයට…

81
11453136468821839297
add-01

කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවකි.

පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය බවත්, ජිවිතක්ෂයට පත් 42 හැවිරිදි කාන්තාව කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් බවත්, (19) දින උදැසන 11.30 ට පමණ ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් සැකකාර මව සහ දියණිය විසින් මුගරකින් පහර දි විශ්වනාදන් අම්මා නැමති කාන්තාව ඝාතනය කර ඇති බවයි සැකකාරිනියන් අත්අඩංගුවට ගත් දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

සැකකාරිනියන් දෙදෙනා පහර දි ඝාතනය කර ඇත්තේ සැකකාර මවගේ සැමියාගේ දෙවනි බිරිද බවද පොලිසිය පැවසිය.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.