ඕනෑම මොහොතක සිදුවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් මතුව ඇති බැවින් කාබුල් ගුවන්තොටුපොළ අසළ රැඳීනොසිට වහාම ඉවත්ව යන්නැයි අමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී තිබේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, මේ අනතුරු ඇඟවීම් නොතකා තවමත් 10,000ක පමණ පිරිසක් ගුවන්තොටුපොළ අසළ රැඳීසිටින බවය.
ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය අතට පත්වී මේ ගතවන්නේ 11වැනි දිනයයි.
තවමත් කාබුල් ගුවන්තොටුපොළේ පාලනය අමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා අත පවතින අතර තම පුරවැසියන් සහ රටින් පිටවීමට උත්සාහ දරන ඇෆ්ගන් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයිසීස් කේ නම් සංවිධානය විසින් ගුවන්තොටුපොළ වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව අමෙරිකානු ජනාධිපතිවරයා මුල්වරට අනාවරණය කළේ පසුගිය අඟහරුවාදාය.